
වියදම් පාලනය කිරීම යටතේ වික්ටෝරියා අයවැයෙන් රැකියා කප්පාදුවක් සිදුකරන බවට රජය විසින් තොරතුරු සපයා තිබෙනවා.
මෙම වසරේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 167.6 දක්වා වර්ධනය වී ඇති අතර ඉදිරි වසර තුන තුලදී එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 194 දක්වා වර්ධනය වනු ඇතැයි රජය අවධාරණය කරනවා.
2025 සහ 2026 වර්ශය සඳහා ඩොලර් බිලියන 7.6 ක පොලියක් ද රජය විසින් ගෙවීමට නියමිතයි.

මෙම ණය ගෙවීමේ පීඩනය අඩු කරගනීම සදහා රාජ්‍ය අංශයේ සේවා වල අකාර්යක්ෂමතාව ඉවත් කිරීම මගින් ඩොලර් බිලියන 3.3 ක් ඉතිරි කර ගැනීමටයි රජය සැලසුම්කර තිබෙන්නේ.
රැකියා කප්පාදුව පිළිබඳව ජුනි මාසයේදී Helen Silver විසින් සමාලෝචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර එහි පූර්ණ කාලීන රැකියා අහිමිවීම් 1,200 ක් සහ තවත් රැකියා අහිමිවීම් 3,000 ක් පමණ ඇතුළත් වී ඇති බව ඇය තහවුරු කර සිටියා.
