හෙට සිට මෙල්බර්න් පොදු ප්‍රවාහන සේවාවල Face-mask නැත්නම් දඩය $ 200 යි

මෙල්බර්න් නගරයේ පොදු ප්‍රවාහන සේවා වල මුව ආවරණ භාවිත නොකරන පුද්ගලයන් වැටලීමේ මෙහෙයුමක් හෙට සිට ආරම්භ කෙරේ.

ඔවුන්ට ඩොලර් 200 ක දඩයක්ද පැණවෙන බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය නොවැම්බර් මාසයේදී මෙල්බර්න් නගරවාසීන්ගෙන් සියයට 88 ක් මුව ආවරණ භාවිත කර ඇතත් අප්‍රේල් මාසය වනවිට එය සියයට 50 දක්වා අඩුවී ඇතැයි සමීක්ෂණයකින් හෙලිවිය.

මේ අනුව ට්‍රෑම් – දුම්රිය හා බස් රථ වල උදාසන හා පස්වරුවේ පොලිස් නිළධාරීන් පරීක්ෂා කිරීම් සඳහා පැමිණීමට නියමිතයි.

එහිදී ස්ථානීය දඩ (On-the-spot) පැණවෙන බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

මෙම වැඩපිළිවෙල සති 02 ක් ක්‍රියාත්මකයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »