Search

අයවැයෙන් බලශක්ති බිල්පත් වලට වට්ටම්

කම්කරු පක්ෂයේ බලශක්ති බිල්පත් සහනය සඳහා වන දීර්ඝ කිරීම් අයවැයෙන් අයවැයට සලකා බලන බව ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙකු පවසා තිබෙනවා.

ඇල්බනීස් රජය මාර්තු මාසයේදී  ජීවන වියදම් සහනයද තවත් මාස හයකට දීර්ඝ කරනු ලැබුවා.

මේ අතර ජීවන වියදම් සදහා මේ වනවිට පවතින ප්‍රතිපත්තිය 2025 අවසානය දක්වා ඩොලර් බිලියන 3.5 ක වියදමින් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබුනා.

මාස 6  කින් පසුව ඒ සම්බන්ධයෙන් ගන්නා තීරන මෙතෙක් පැහැදිලි කර නැහැ.

ජීවන වියදම් සහනය ලබා දීමට අවශ්‍ය වී තිබෙන නමුත් එය අඛණ්ඩ ගෙවීමක් නොවීම නිසා එය මාස හයකින් දීර්ඝ කල බව අමාත්‍යවරුන් සදහන් කර තිබෙනවා.

සෑම අයවැයකින්ම ජීවන වියදම්  සදහා පීඩනයක් ඇති පුද්ගලයින්ට උපකාර කළ හැකි ආකාරය සැමවිටම සොයා බලන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මේ අතර, සමාජ සේවා අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අමන්ඩා රිෂ්වර්ත්, පසුගිය සතියේ කැබිනට් සංශෝධනයේදී සදහන් කලේ  දෙසැම්බර් දක්වා බලශක්ති සහන ලබා දීම  ඇල්බනීස් රජයේ  මැතිවරණ පොරොන්දුවක් බවයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »