
ලෝකයේ මිල අධිකම ගොඩනැගිලි අතරට ඕස්ට්‍රේලියානු ගොඩනැගිලි දෙකක් එක්ව තිබෙනවා.
මේ අතරින් පෘථිවියේ මිල අධිකම ගොඩනැගිලි ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ සෞදි අරාබියේ මක්කාවේ ශුද්ධ පල්ලිය ලෙස වඩාත් ජනප්‍රිය Holy Mosque of Mecca දේවස්ථානයයි.
එහි මුළු ඉදිකිරීම් සහ ව්‍යාප්ති පිරිවැය ඩොලර් බිලියන 154 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

එය ලොව විශාලතම පල්ලිය වන අතර එය වර්ග මීටර් 400,000 ක් ආවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
වන්දනා කාලවලදී වන්දනාකරුවන් මිලියන 2.5 ක් නවාතැන් ගත හැකි ලෙස මෙය සාදා නිමකර තිබෙනවා.

මෙම ලැයිස්තුවට එකතු වන රාජකීය ඇඩිලේඩ් රෝහල 2017 දී ඩොලර් බිලියන 2.4 ක වාර්තාගත වියදමකින් නිම කර තිබෙනවා.
එහෙත් ඉදිකිරීම් අවසන් වන විට වියදම එම ප්‍රමාණයට වඩා විශාල ලෙස වැඩි බවට ද සැකයක් පවතිනවා.
අති නවීන වෛද්‍ය පහසුකම් සහ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රසිද්ධ, එය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ මිල අධිකම ඉදිකිරීමද වනවා.
සිඩ්නි ඔපෙරා හවුස් ඉදිකිරීම සඳහාද ඩොලර් මිලියන 7 ක් පමණ වැය වන බවට ඇස්තමේන්තු කර තිබුණද 1973 දී එය නිම කරන විට, පිරිවැය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 102 ක් දක්වා ඉහළ ගොස් තිබුනා.
අද වන විට උද්ධමනය අනූව එය දළ වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.2 ක් පමණ වනු ඇති.
එය world-class performing arts ස්ථානයක් වන අතර ඕස්ට්‍රේලියාවේ නිර්භීත සංස්කෘතිය සංකේතවත් කරන විශ්මයජනක ගෘහ නිර්මාණයක්ද වනවා.