Search

ට්‍රම්ප්ගේ තීරුබදු අභියෝගය ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර වලටත්

තීරුබදු හමූවේ ගෝලීය මිල අස්ථාවර වීම නිසා ටස්මේනියාවේ smelter කර්මාන්ත ශාලාවක මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.

එමගින් සිය ගණනක් කම්කරුවන් අවිනිශ්චිතව තත්වයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ජෝර්ජ් ටවුන් හි පිහිටා ඇති මෙම සමාගම, ඕස්ට්‍රේලියාවේ ferroalloy operation  සදහා තිබෙන එකම සමාගම වනවා.

සමාගම ඔස්ට්‍රේලියා රජයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන්නේ මෙහෙයුම සඳහා හදිසි සහාය  ලබා දෙන ලෙසයි.

මේ වන විටත් අවශ්‍ය ore supply  විකල්ප සෙවීම සදහා කටයුතු කරමින් සිටින බවයි සමාගමේ  ප්‍රකාශකයකු පැවසුවේ.

250 කට අධික පිරිසක් සේවය කරන මෙම කර්මාන්ත ශාලාව බ්‍රිතාන්‍ය ව්‍යාපාරික සංජීව් ගුප්තාගේ GFG ජාලයට අයත් වනවා.

 

 

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »