Search

රාජ්‍ය අයවැයෙන් වික්ටෝරියානුවන්ගේ බදු වලට සිදු වන දේ

රාජ්‍ය අයවැයෙන්  වික්ටෝරියානු වැසියන්ට නව බදු අය කිරීම් හෝ  බදු වැඩි කිරීම් නොකරන බව ප්‍රාන්ත රජය පවසනවා.

සෞඛ්‍යය සේවා දෙපාර්තමේන්තුවට අමතර ඩොලර් බිලියන 11.1 ක් ලබා දීමට සැලසුම් කර ඇති අතර එයින් වාර්තාගත ලෙස  ඩොලර් බිලියන 9.3 ක් රෝහල්වලට වෙන් කිරීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්ත  අගමැති ජසින්ටා ඇලන් සදහක් කලේ ළමුන් සඳහා ලබන වසරේ සිට පොදු ප්‍රවාහන සේවාවල නොමිලේ ගමන් කිරීමට ලබා දීමද ප්‍රධාන දීමනාවක් වන බවයි.

අගමැතිවරිය සදහන් කලේ cost of living සදහා ඉහල සහායක් ලබාදීමට සූදානම් බවයි.

මීට පෙර ඩොලර් බිලියන 1.5 ක් ලෙස පුරෝකථනය කළ  cost of living දර්ශකය දැන් ඩොලර් මිලියන 600 ක් පමණක් බවද අගමැතිවරිය කියා සිටියා.

පසුගිය කාලයේදී ජනතාවට බදු වැඩිවීම් සිදුවුවද අද දින බදු සැකසුම් වෙනස් කරන කිසිවක් අයවැයේ නොමැති බවයි එම අවස්තාවේදී අදහස් දක්වමින් Treasurer Jaclyn Symes සදහන් කලේ.

 

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »