
ඇමරිකාවේ නිශ්පාදිත පැරණි Abrams ටැංකි යුක්‍රේනයට පරිත්‍යාග කිරීමට ඔස්ටේලියාව තීරණය කර තිබෙනවා.
Abrams ටැංකි 49ක් යුක්‍රේනයට යැවීට නියමිත ඇති අතර පළමු Abrams ටැංකිය නැව්ගත කිරිම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නෙ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවා ඇත්තේ ටැංකි යැවීමේ කටයුත්ත ඉතා සංකීර්ණ වන අතර යුක්‍රේනයට ඒවා නඩත්තු කර ගැනීමටද අසීරු තත්වයක් ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය Richard Marls කියා සිටියේ මෙම පරිත්‍යාගය ගැන ඇමරිකානු නිලධාරීන් අසතුට ප්‍රකාශ කර ඇති බවයි.
ඒ මෙවැනි පැරණි ටැංකි යුධ ක්ෂේත්‍රයේදී ප්‍රයෝජනවත් වන බව ඔවුන් විශ්වාස නොකර නිසාය.

2024 දී යුක්‍රේනයට ඉල්ලා තිබූ Taipan හෙලිකොප්ටර් පරිත්‍යාගය නොකිරීම පිළිබඳව අල්බනීස් රජයට දැඩි විවේචන ලැබුණු අතර මෙවර Abrams ටැංකි පරිත්‍යාගයට එකඟ වීම ඇමරිකානු නිලධාරීන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.