Search

SJB සහ UNP පොදු එකඟතාවයකට

2025 පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකට අනුව, මේ කාරණයට අදාළ ප්‍රතිපත්ති පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.

අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂවල සහාය ඇතිව පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීම සඳහා පොදු එකඟතාවයකට පැමිණි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මූලිකත්වය ගෙන විපක්ෂ නායක කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වුණා.

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »