
Sunshine Coast කඳවුරේදී නාන කාමරය භාවිතා කරන ළමුන් දෙස ඔත්තු බැලීම සහ ඔවුන්ගේ කූඩාරම්වලින් යට ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් 21 හැවිරිදි පුද්ගලයෙකුට ලිංගික අපරාධ 28 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා
මෙම පුද්ගලයා කිහිප වතාවක්ම කූඩාරම්වලට ඇතුළු වී ළමා යට ඇඳුම් සොරකම් කර ඇති අතර ස්වේච්ඡා කණ්ඩායම් නායකයෙකු ලෙස තතුරු යොදා ගනිමින් කඳවුරු වෙත අතුල්වී ඇති බවයි පැවසෙන්නේ.
පොලිසිය විසින් ඔහුගේ නිවස පරීක්ෂාකිරීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ඔහු සතුව තිබූ ඉලෙක්ට්‍රොනික උපකරණ හා ළමුන්ගෙන් සොරකම් කර ඇතැයි සැක කෙරෙන ඇඳුම් හා භාණ්ඩ සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
ඔහුට විරුද්ධව වයස අවුරුදු 16ට අඩු ළමුන්ට අශෝභන ලෙස සැලකීම, නීති විරෝධී ලෙස ලුහුබැඳීම,හිරිහැර කිරීම හෝ අපයෝජනය, පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම හා බිය ගැන්වීම ඇතුළු චෝදනා 28 ක් එල්ල වනවා.

ඔහු ජුනි 16 වන දින Maroochydore මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Sunshine Coast ළමා ආරක්ෂණ විමර්ශන ඒකකය භාර නිලධාරීන් කියා සිටියේ මෙම සිදුවීම නිසා ළමුන්ට අපහසුතාවයක් දැනේ නම් කළ යුතු දේ පිළිබඳව දරුවන් සමඟ කතා කරන ලෙස දෙමාපියන් දැනුවත් කර ඇති බවයි.