
ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය යළි පහළ දැමීමට අද (20) පියවර ගෙන තිබෙනවා.
නව සංශෝධනය යටතේ Cash Rate අගය සටහන් වන්නේ සියයට 3.85 ක් ලෙසයි.
ඒ අනුව Cash Rate අගය සියයට 0.25 කින් පහළ දැමීමටයි ෆෙඩරල් සංචිත බැංකුව විසින් තීරණය කර ඇත්තේ.

මැයි 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක බව සංචිත බැංකුව පවසනවා.
පසුගිය මාසයේ Cash Rate අගය සටහන් වූයේ සියයට 4.1 ක් ලෙසයි.

උද්ධමන අගය පහළ යෑමෙන් පසුව ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය මෙවරත් පහළ දමනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයන් විසින් මත පළ කළේ.
Cash Rate අගය පහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී නිවාස ණය සහ උකස් ණය ලබාගෙන ඇති පුද්ගලයන්ට සහන රැසක් හිමි වනු ඇති.
මේ අතර Cash Rate කප්පාදුව අගෝස්තු මැද භාගයේ සියයට 3.1 දක්වාත් වසර අවසානයේදී සියයට 2.85 දක්වාත් අඩු වන අතර 2026 වසරේ පෙබරවාරි මාසයේදී එය සියයට 2.6 දක්වා පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් මත පළකරන්නේ.