Search

ලක්ෂ 4 ක ගණුදෙනුකරුවන්ගෙන් සමාව අයැදි ඔස්ට්‍රේලියා බලශක්ති සමාගම

ඔස්ට්‍රේලියා බලශක්ති සමාගමක් සිය ලක්ෂ 4 කට අධික ගණුදෙනුකරුවන්ගෙන් සමාව අයැද සිටිනවා.

පොසිල ඉන්ධන දහනය කිරීමෙන් සිදුවන හානි වළක්වන්නේ හෝ අහෝසි කිරීමට නොහැකි බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

පසුගිය බදාදා ෆෙඩරල් අධිකරණයක විභාග කිරීමට නියමිතව තිබූ දේශගුණය සඳහා කණ්ඩායමක් දියත්කළ නඩුවකින් පසුව EnergyAustralia මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.

සාමාජිකයින් 20,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින මෙම කණ්ඩායම, EnergyAustralia හි වරද පිළිගැනීම ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගේ ජයග්‍රහණයක් ලෙසයි හඳුන්වා ඇත්තේ.

නමුත් අනෙකුත් සමාගම් විසින් carbon offsets භාවිතය සහ පරිසර හිතකාමීත්වයෙන් යුත් බවට ප්‍රමිතියක් සැකසිය යුතු බව එම පිරිස පෙන්වාදෙනවා.

බලශක්ති භාවිතය සඳහා පොසිල ඉන්ධන දහනය කිරීමෙන් නිකුත්වන කාබන් විමෝචනය තවමත් දේශගුණික විපර්යාසවලට හේතු වනවා.

EnergyAustralia 2024 දී වෙළඳපොළෙන් එහි Go Neutral සැලසුම් ඉවත් කර ගත් අතර, අනාගතයේදී විමෝචනය අඩු කිරීම සඳහා අවධානය යොමු කරන බවයි ප්‍රධාන පාරිභෝගික නිලධාරි කේට් ගිබ්සන් කියාසිටියේ.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »