
ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
2026 මුල් භාගය වන විට නිල පොලී අනුපාතය සියයට 1.5 කින් අඩු කළහොත් ඉදිරි වසර දෙක තුළ නිවාස මිල සියයට 12 කින් ඉහළ යනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
මෙම දැඩි ඉහළ යාම වළක්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් මිලදී ගන්නා ලෙස විශ්ලේෂකයින් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඩොමේන් දත්ත වලට අනුව අගනගරවල මධ්‍ය නිවාස මිලට අමතර ඩොලර් 141,000 ක් එකතු වුනහොත් එය ඩොලර් මිලියන 1.32 දක්වා ඉහළ යනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
සිඩ්නි ඩොලර් මිලියන 1.9 ට වඩා අඩු වනු ඇති අතර බ්‍රිස්බන් ඩොලර් මිලියන 1.145 ට ළඟා වනු ඇති.

ඉදිරි වසර දෙක තුළ මෙල්බර්න් හි නිවාස මිල ඩොලර් මිලියන 1.16 ට ළඟා වනු ඇති බවයි ඩොමේන් විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.
මේ වනවිට පොලී අනුපාතය සියයට 4.1 ක් වන අතර, මෙම වසර අග භාගය වන විට එය සියයට 2.6 දක්වා අඩු කළ හැකි යැයි අපේක්ෂා කෙරෙනවා.
ගැනුම්කරුවන්ට උකස් ගෙවීම් සඳහා වැඩි මුදලක් ලබාගත හැකිනම් ඉහළ මිලක් සහිත දේපළක් ලබාගැනීමට හැකි වනු ඇතැයි නිවාස විකුණුම්කරුවන් මත දරනු ඇති බවයි විශ්ලේෂකයින් වැඩිදුරටත් කියාසිටියේ.