Search

හැකර්කරුවකුගේ $ මිලියන ගණනක වත්කම් රාජසන්තක කෙරේ

ක්වීන්ස්ලන්ඩ් හැකර්කරුවකුගේ මිලියන 4.5 කට වඩා වටිනා සුඛෝපභෝගී වත්කම් රාජසන්තක කර තිබෙනවා.

stolen cryptocurrency සහ cyber hacking සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා සිදු කරන ලද විමර්ශනයකින් පසුවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුනේ.

black Mercedes-Benz sedan  රථයක් සහ  Bitcoin  25  ද මෙම පුද්ගලයා සමග පොලිස් භාරයට ගෙන තිබුනා.

AFP ප්‍රමුඛ අපරාධ වත්කම් රාජසන්තක කිරීමේ කාර්ය සාධක බලකාය (Criminal Assets Confiscation Taskforce ) අපරාධ නීති යටතේ දේපළ රාජසන්තක කිරීම තහවුරු කරනු ලැබුවා.

වත්කම් හඳුනාගත හැකි නීත්‍යානුකූල ආදායම් තහවුරු කිරීමට අසමත් වීම හමුවේයි වත්කම් රාජසන්තක කිරීම සිදු කර තිබුනේ.

ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් වන එක්සත් ජනපදය පදනම් කරගත් ක්‍රීඩා සමාගමක් වන Riot Games හැක් කිරීම සම්බන්ධයෙන් ඔහු මීට පෙර වරදකරු වුනා.

සැක සහිත බිට්කොයින් ගනුදෙනු පිළිබඳව Luxembourg බලධාරීන් විසින් ලබාදුන් තොරතුරු අනූව  2018 වසරේදීයි මෙම පුද්ගලයා සම්බන්දයෙන් විමර්ශන ආරම්භ වුනේ.

 

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »