
ජාත්‍යන්තර ගමනාන්ත වෙත යාමේදී වෛද්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බැවින්, ඕස්ට්‍රේලියානු සංචාරකයින් විදේශගත වන විට ඔවුන්ගේ Medicare කාඩ්පත රැගෙන යන ලෙස දැනුම් දෙනවා.
ඕස්ට්‍රේලියානු රජය සමඟ අන්‍යෝන්‍ය සෞඛ්‍ය සේවා ගිවිසුම් ඇති රටවල් 11 ක් තිබෙන අතර එම රටවලදී සංචාරකයින්ට රජයේ රෝහල්වල ඔවුන්ගේ medicare කාඩ්පත flash කර නොමිලේ ප්‍රතිකාර ලබා ගත හැකි වනවා.
ඕස්ට්‍රේලියානු සංචාරක කර්මාන්ත සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ඩීන් ලෝන්ග් පැවසුවේ එය බොහෝ විට විදේශයන්හි වෛද්‍ය වෘත්තිකයන් අතර ප්‍රසිද්ධ කරුණක් නොවන බවයි.

එහෙත් සුදුසුකම් ලත් රටවල සිටින විට ඕස්ට්‍රේලියානුවන් විසින් මෙම සහනය ලබා ගැනීමේ හැකියාව සම්බන්දයෙන් සොයා බැලිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
බෙල්ජියම, ෆින්ලන්තය ඉතාලිය, මෝල්ටා, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, අයර්ලන්තය, ස්ලොවේනියාව, ස්වීඩනය, එක්සත් රාජධානිය යන රටවලදී ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ Medicare කාඩ්පත භාවිතා කළ හැකිවනවා.

මෙලෙස සදහන් කර තිබෙන රටකදී විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර තහවුරු කිරීම තුලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්තාව හිමි වනවා.