Search

“broken” child safety system ගැන විශේෂ විමර්ශණයක්

ක්වීන්ස්ලන්ඩ් රජය, ප්‍රාන්තයේ  “broken” child safety system සම්බන්ධයෙන් විමර්ශන කොමිසමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මාස 17ක මෙම  විමර්ශනය  හිටපු ෆෙඩරල් අධිකරණ විනිසුරු පෝල් ඇනස්ටේසියෝ  විසින් මෙහෙයවනු ලබනවා.

ක්වීන්ස්ලන්ඩ් අගමැති ඩේවිඩ් ක්‍රිසෆුල්ලි  (David Crisafulli ) පැවසුවේ ප්‍රජාව වෙනුවෙන් සහ දැනට රාජ්‍ය රැකවරණය ලබන දරුවන් 12,500 දෙනා වෙනුවෙන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම පරීක්ෂණය ඉතා වැදගත් බවයි.

මෙම ප්‍රාන්තයේ බිඳුණු ළමා ආරක්ෂණ පද්ධතියක් සහ තරුණ අපරාධ අර්බුදයක් ඇති බව අහම්බයක් නොවන අතර, ඒ දෙකටම එරෙහිව පියවර ගැනීමට මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2024 වසරේ ළමා රැකවරණ සංගණනය තුලින් අනවරන වී තිබුනේ රැකවරණය ලබන දරුවන්ගෙන් තුනෙන් එකකට පමණ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට සහාය වීම සඳහා සපුරා නොමැති අවශ්‍යතා ඇති බවයි.

සංගණනයෙන් ද සොයා ගන්නා ලද තොරතුරු අනුව සියයට 40 ක් රෝග විනිශ්චය කරන ලද හෝ සැක කරන ලද මානසික රෝගයකින් පෙලී තිබෙනවා.

ඒ අතරින්  සියයට 44 ක් දැන් හෝ අතීතයේ දී self-harmed කර ගෙන තිබෙන අතර සියයට 22 ක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙන බවයි අනාවරන වී ඇත්තේ.

 

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »