
වික්ටෝරියා රාජ්‍යයේ රියදුරන් සඳහා 40km/h වේග සීමාවක් අනිවාර්ය කර තිබෙනවා.
ජූලි 1 වනදා සිට ක්‍රියාත්මක මෙම නීතිය උල්ලංඝනය කළහොත් $961 දක්වා දඩ නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
විශේෂයෙන්ම මාර්ග අසළ සේවය කරන පුද්ගලයින් පසුකර යද්දී මෙම නීතිය දැඩිව ක්‍රියාත්මකයි.

නව නීතියෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ රතු, නිල්, මැජෙන්ටා සහ කහ දැල්වෙන ලයිට් සහිතව පාර අයිනේ නතර කරන ඕනෑම වාහනයක් සඳහා මෝටර් රථ රියදුරන් පැයට 40km/h දක්වා වේගය අඩු කළ යුතු බවයි.
වික්ටෝරියානු මාර්ග අමාත්‍ය Melissa Horne පෙන්වා දෙන්නේ සේවකයින්ගේ සහ මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සඳහා මෙම නීතිය පිළිපැදීම සියලු රියදුරන්ගේ වගකීමක් බවයි.
