Search

රාත්‍රියේදී දුරකථනය ක්‍රියා විරහිත කිරීමෙන් battery life වැඩි වෙයි

තාක්ෂණ විශේෂඥයින් දෙදෙනෙක් විසින් දුරකථන සහ උපාංග රාත්‍රියේදී ක්‍රියා විරහිත කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමක් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ රාත්‍රියේදී දුරකථන‍ය off කර තැබීමෙන් දුරකථනය තුල සිදුවෙන අනවශ්‍ය ක්‍රියා නතර වන අතර ඉමඟින් battery ආයු කාලය වැඩි වන බවයි.

සතියකට වරක් වත් දුරකථන සහ උපාංග power on කිරීමෙන් වැගදත් Software යාවත්කාලීන කිරීම ස්වයංක්‍රීයව වන අතර එය දුරකථනය භාවිතා කරන පුද්ගලයන්ටද පහසුවක් වන බවයි පවසන්නේ.

පරිගණක විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Erica Mealy පවසා සිටියේ දුරකථන සහ උපාංග වල මුරපදය ද මාස 3කට වරක් වෙනස් කිරීමෙන් පෞද්ගලික දත්ත වඩාත් ආරක්ෂිතව තබාගත හැකි බව‍යි.

තවද උපාංගයේ “auto-install updates” සැකසුම් සක්‍රීය කර තැබීමෙන් උපාංග ආරක්ෂාකාරීව භාවිතා කිරීමටද හැකියාව ලැබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »