Search

Melbourne වීදිවල නක්බා දිනය සමරන පලස්තීන හිතවාදී විරෝධතාකරුවන්

1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධයේදී පලස්තීනුවන් සමූහ වශයෙන් අවතැන් වීම සිහිපත් කරන නක්බා දිනය සැමරීම සඳහා සිය ගණනක් විරෝධතාකරුවන් Melbourne වීදි වල රැස්වී තිබෙනවා.

අරාබි භාෂාවෙන් ‘ව්‍යසනය’ යන අර්ථය ඇති නක්බා සංවත්සරය සෑම වසරකම මැයි මාසයේ පලස්තීන හිතවාදීන් විසින් සමරනු ලබනවා.

විරෝධතාකරුවන් St Kilda වෙරළ දක්වා පා ගමනක් සිදු කල අතර සංවිධායකයන් කියා සිටියේ ජෝර්දාන් ගඟේ සිට මැදිපෙරදිග මුහුද දක්වා ජනයාගේ නිදහස වෙනුවෙන් මෙම පාගමන සිදු කරන බවයි.

ඔවුන් ‘ Free Palestine’ යනුවෙන් සදහන් කල පුවරු සමග බෙර ගසමින් නගරයේ වීදි පුරා පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් පා ගමනේ නිරත වනවා.

විරෝධතාකරුවන් Princes පාලම හරහා ගමන් කරන විට ඊශ්‍රායල සහ ඔස්ට්‍රේලියානු කොඩි රැගෙන තවත් කුඩා පිරිසක් ඔවුන්ට එරෙහිව රැස්වී තිබෙන්වා.

ඔවුන් දෙපිරිස අතර ගැටුම් වළක්වා ගැනීම සදහා වික්ටෝරියා පොලිස් නිළධාරීන් 100ක් පමණ, පිරිස් දෙක අතර බාධකයක් ලෙස සිටිමින් තත්වය පාලනය කිරීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නෙ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »