
ශ්‍රී ලංකා ධාවන ශුර යෙවාන් ඩේවිඩ් Euro formula විවෘත තරගාවලියේ තවත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද සමත්වුණා.
ඒ එම තරගාවලියේ බෙල්ජියම් අදියරේ ජය වාර්තා කරමින්.
තියුණු තරඟයක් පැවතියද යෙවාන් ඩේවිඩ් සිය ජයග්‍රහණය හඹාගියා.

ජයග්‍රහණය අවස්ථාවේ නිවේදකයින් ඔහුව ඇමතුවේ Yewan David Sri Lankan Superstar ලෙසයි.
යෙවන් ඩේවිඩ් පසුගියදා පෘතුගාලයේ ජාත්‍යන්තර ධාවන පථයක පැවති 2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේ දෙවන තරඟයේදී සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ද සමත්වුණා.

ඒ අනුව Euro formula හි තරඟමාලාවේ යෙවාන් ඩේවිඩ් 3 වන වරටත් ජය හිමිකරගත්තා.