ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමේ අවධානමක්

ප්‍රමුඛ වසංගත රෝග විශේෂඥ මහාචාර්ය Mary-Louise McLaws ඕස්ට්‍රේලියානුවන්ට COVID වෛරස් එන්නත් ලබා ගැනීමට පසුබට නොවන්නැයි අනතුරු අඟවා ඇති අතර, ප්‍රමාදයන් නිසා විකෘති වෛරස් හේතුවෙන් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව ප්‍රකාශ කරයි.

පුවත්පත් නවයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකක් අතුරු ආබාධ  සහ ජාත්‍යන්තර දේශසීමා වසා දමා ඇති තාක් කල් එන්නත් ගැනීමට පසුබට නොවන බවයි.

මහාචාර්ය මේරි පවසන්නේ සමීක්ෂණයේ ප්‍රථිඵල කොවිඩ් වසංගතයෙන් යථා තත්වයට පත්වීමට බාධාවක් බවයි.

දේශ සීමා විවෘත කල පසු ඉන්දීය ප්‍රභේදය වැනි වෛරස් ප්‍රභේද රටට ඇතුලුවිය හැකි බවටද ඇය අනතුරු අගවා සිටී.

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »