
ශ්‍රී ලංකාවෙ කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරිම සිදු කෙරිනි.
රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර් 291 ක්, ඔක්සිජන් රෙගුයුලේටර් (oxygen regulators) 342 ක්, ඔක්සිජන් මුව ආවරණ 2,490 ක්, ගිණි නිවන උපකරණ (fire extinguishers) 20 ක් මෙහිදී පරිත්‍යාග කරන ලදි.
යුනිසෙෆ් සංවිධානයේ නේවාසික නියෝජිත එමා බ්‍රිගේම් මහත්මිය (Ms.Emma Brigham) විසින් මෙම උපකරණ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී සංකේතාත්මකව පරිත්‍යාග කළ අතර, ඔස්ට්‍රෙිලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා (Mr. David Holly) සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය (Ms.Hanaa Singer-Hamdy) මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම උපකරණ බස්නාහිර පළාත ප්‍රමුඛව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිතය.