
ඔස්ට්‍රේලියාවේ දරුවන් ගැවසෙන ජනප්‍රිය ක්‍රීඩා පිටියක දැවැන්ත කිඹුලෙකු ජීවත් වන බවට සොයාගෙන තිබෙනවා.
දරුවන් නිරන්තරයෙන් සෙල්ලම් කරමින් ගැවසෙන මෙම ක්‍රීඩාපිටියේ කිඹුලකු සිටින බවට කිසිවෙකුත් නොදැන සිටීම ද පුදුමයට කරුණක් වනවා.
ක්වින්ස්ලන්ඩ් පරිසර දෙපාර්තමේන්තුව සඳහන්කළේ කිඹුලා මීටර් 3.4 ක් පමණ දිග බවයි.

මෙම විශාල කිඹුලා හෙක්ටයාර 110 ක Tyto Wetlands හි ස්වභාවික පරිසරය තුළ වාසය කරන නමුත් එය ක්‍රීඩා පිටියට සහ විනෝදාත්මක රක්ෂිතයට ආසන්න වනවා.
එබැවින් සත්වයා ඇමක් සහිත උගුලක් මගින් වෙනත් ස්ථානයකට රැගෙන යාමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.

Tyto Wetlands හි කිඹුලෙකු දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙය නොවන අතර 2024 මැයි මාසයේදී, මීටර් 2.4 ක කිඹුලෙකු ජලයෙන් ඉවත් කිරීමටද පරිසර අංශවලට සිදුවුණා. වැටක් නොමැති බැවින් එය සිදු කරන තුරු තව තවත් කිඹුලන් රක්ෂිතයට ඇතුළු වනු ඇති බවයි බලධාරීන් අපේක්ෂා කරන්නේ.