Search

මෙල්බන් නගරයට නව කොරියානු සංස්කෘතික කලාපයක්

 

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන්  නගරයේ නව “Koreatown Precinct” සංස්කෘතික කලාපයක් නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

මෙය කොරියානු ව්‍යාපාර, ආහාර, කලා, හා සාම්ප්‍රදායික වෙළඳාම සඳහා විශේෂිත කලාපයක් ලෙසයි නම් කර ඇත්තේ.

නව කලාපය විවෘත කිරීමේ උත්සවය අතරතුර නර්තන, සංගීත, හා කොරියානු ආහාර ප්‍රදර්ශන ද පැවැත්වුණා.

වික්ටෝරියානු රජය පවසන්නේ මෙය බහු සංස්කෘතික සමාජයක් ලෙස ප්‍රාන්තය තවදුරටත් වර්ධනය කිරීමේ උත්සාහයක් බවයි .

මෙම කලාපය මගින් කොරියානු සංස්කෘතියට අදාල ව්‍යාපාරිකයින්ට සහ කලාකරුවන්ට නව අවස්ථා ලබා දීමටයි සූදානම් කර ඇත්තේ.

මේ අතර ජනතාවට නව අත්දැකීම් ලබාගත හැකි ස්ථානයක් ‌ලෙස මෙය මෙල්බන් නගරයේ නව සංචාරක ආකර්ෂණය ද දිනාගෙන තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »