
සාම සාකච්ඡාවලින් පැය කිහිපයකට පසු රුසියාව බස් රථයකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බවට යුක්රේනය චෝදනා කරනවා.
යුක්රේන නිලධාරීන් පවසන්නේ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් 9දෙනෙකු මිය ගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
යුක්රේනයේ ඊසානදිග සුමි [Sumy] දෙසට ගමන් කරමින් සිටියදී බිලෝපිලියා [Bilopillya] නගරයේදී අනතුර සිදු වී තිබෙනවා.

තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදී මොස්කව් [Moscow] සහ කියෙව් [Kyiv] ඔවුන්ගේ පළමු සෘජු සාම සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසුවයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
සාම සාකච්ඡා හරහා සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි වුව ද, රුසියාව සහ යුක්රේනය යුද සිරකරුවන් 1,000 ක් හුවමාරු කර ගැනීමට සහ වැඩිදුර සාකච්ඡා සඳහා නැවත හමුවීමට එකඟත්වය පළ කෙරුණා.

යුක්රේනය පවසන්නේ ජනාධිපති Volodymyr Zelenskyy සහ රුසියානු ජනාධිපති Vladimir Putin අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්විය යුතු බවයි.
දින 30 ක සටන් විරාමයක් සඳහා එක්සත් ජනපදයේ සහාය ඇති යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට දැඩි සම්බාධක පනවන ලෙස ද Zelenskyy ඉල්ලා තිබෙනවා.