Search

Helmet නැතුව අල්ලද්දී පොලිසියට පිහියෙන් ඇනලා

හිස්වැසුමක් නොමැතිව යතුරුපැදියක් පැදවු පුද්ගලෙයකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් New South Wales ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

කූරින්ගල් හි [Kooringal] වග්ගා වග්ගා [Wagga Wagga] තදාසන්න ප්‍රදේශයේදී හිස්වැස්මක් නොමැතිව යතුරුපැදිය පැදවූ පුද්ගලයා නැවැත්වීමට නිලධාරීන් දෙදෙනා උත්සාහ දරා තිබුණා.

එහිදී මෙම පුද්ගලයා එක් නිලධාරිනියකට පිහියෙන් ඇන ඇති අතර අනෙක් නිලධාරිනියට පහරදී තිබෙනවා.

ඔවුන් මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් නිලධාරීන්ට පහර දීම, ආයුධයක් රැගෙන යාම සහ පොලිසියට විරුද්ධ වීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුට චෝදනා එල්ල වී තිබෙනවා.

යතුරුපැදිය පැදීමේදී හිස්වැස්මක් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් ද ඔහු චෝදනාට ලක්වුණා.

විත්තිකරු අද පැරමැට්ටා [Parramatta] දිස්ත්‍රික් අධිකරණයට ඉදිරීපත් කළ අතර එහිදී ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »