
මුදල් ලැබුණු ආකාරය පැහැදිලි නොකළොත් ගිණුම් අවලංගු කරන බවට Commonwealth බැංකුවෙන් ලැබෙන තර්ජනාත්මක ඊමේල් සම්බන්ධයෙන් ගණුදෙනුකරුවන් දැඩි කණස්සල්ලට පත්ව සිටිනවා.
SQM ආයෝජන පර්යේෂණ සමාගමක් පවත්වාගෙන යන ලුවී ක්‍රිස්ටෝපර් නම් ව්‍යාපාරිකයෙකු පැවසුවේ, අනපේක්ෂිත තර්ජනය පිළිබඳව බැංකුව මෑතකදී ලිඛිත අනතුරු ඇඟවීමක් ද නිකුත්කළ බවයි.
ධනය ගොඩනඟා ගත්තේ කෙසේද, මුදල් ආපසු ගැනීම් පිළිබඳ, නිවසේ මුදල් තබාගෙන සිටියාද සහ තෙවන පාර්ශවයන් සමග සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙස Commonwealth බැංකුව එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

1978 සිට CBA ගනුදෙනුකරුවෙකු වන ක්‍රිස්ටෝපර් චෝදනා කරන්නේ මෙය සිය පෞද්ගලිකත්වයට දැඩි ලෙස බාධා කිරීමක් බවයි.
Commonwealth බැංකුව පවසන්නේ AUSTRAC ආයතනයෙන් ගිණුම අක්‍රීය කිරීමට අනුමැතිය ලබාදුන් බවයි.

රජය විසින් මෙහෙයවන AUSTRAC මගින් සිදුකරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණයට එරෙහි ත්‍රස්ත විරෝධී මූල්‍යකරණ නීති අධීක්ෂණය කිරීමයි.
Commonwealth Bank ප්‍රකාශකයෙකු කියාසිටියේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් 2006 මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්ත විරෝධී මූල්‍යකරණ පනතට අනුකූලව කළමනාකරණය කිරීම මෙහි අවශ්‍යතාව බවයි.
ගනුදෙනුකරුවෙකුගේ නිවැරදි තොරතුරු ඇති බව සහතික කිරීම මගින් ඔවුන් ආරක්ෂිතව තබා ගැනීමට සහ වංචාවෙන් ආරක්ෂා කිරීමට මෙම තොරතුරු මගින් Commonwealth බැංකුවට හැකිවන බවයි ඔහු පෙන්වාදෙන්නේ.