Search

ඔස්ට්‍රේලියාවේ Warrego අධිවේගී මාර්ගය වසා දමයි

සුළං ටර්බයිනයක් ප්‍රවාහනය කල ට්‍රක් රථයක් Mount Crosby පාලමේ ගැටී සිරවීම නිසා Warrego අධිවේගී මාර්ගය වසා දමා තිබෙනවා.

අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර දිගු ප්‍රමාදයන් ඇතිවිය හැකි බැවින් අධිවේගී මාර්ගය භාවිතයෙන් වැළකී සිටින ලෙස පොලිසිය ඉල්ලා සිටියා .

අධිවේගී මාර්ගයේ නැගෙනහිර දෙසට ඇති මංතීරුව විවෘතව පැවතියද බටහිර දෙසට යන රථවාහන Mount Crosby පාරේ පිටවීම දෙසට හරවා යවන බවද පොලීසිය දන්වා සිටියා.

ටර්බයිනය දැනට පාලම නොවැටී තිබීමට ආධාරකයක් ලෙස තිබෙන නිසා ඉංජිනේරුවන් සමග එකතු වී ඉවත්කිරීම් කටයුතු කඩිනම් කිරීමට නියමිතව තිබෙනවා.

Queensland ප්‍රවාහන හා ප්‍රධාන මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ හානියේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා පරීක්ෂණ සිදු කරමින් කාර්ය මණ්ඩලය එම ස්ථානයේම සිටින බවයි.

ට්‍රක් රථය Qube Holdings සමාගමට අයත් වන අතර මෙම සිදුවීම සම්බන්දව බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව සමාගම ප්‍රකාශ කර සිටියා.

රථවාහන පාලනය සහ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වන බැවින් මාර්ගයට ඇතුලු වීමට පෙර ඒවා පරීක්ෂා කරන ලෙස ජනතාව දැනුවත් කර තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »