2020 ඔලිම්පික් උළෙල අත්හිටුවීමේ අවදානමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

2020 ඔලිම්පික් උළෙල අත්හිටුවීමේ අවදානමක්

2020 ඔලිම්පික් උළෙල අත්හිටුවීමේ අවදානමක්

ජපානයේ කොවිඩ් ව්‍යාප්ති වේගය සාධනීය ලෙස පහළ නොගියහොත් 2020 ඔලිම්පික් උලෙළ අත්හිටුවීමට සිදුවනු ඇතැයි ජපාන පාලක පක්ෂ නියෝජිතයෙකු CNN මාධ්‍ය ජාලය වෙත අනාවරණය කර ඇත.

ඒ ඔලිම්පික් උලෙළ නොපවත්වන ලෙස ජපාන වෛද්‍ය සංගම් සහ බහුතර ජනතාව කරන ඉල්ලීම හමුවේය.

කෙසේනමුත් 2020 ඔලිම්පික් උලෙළ නියමිත පරිදි පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ජපාන ඔලිම්පික් කමිටුව නැවත වරක් අවධාරණය කළේය.

රටවල් 200ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කගේ ඔලිම්පික් සිහිනය සැබෑ කිරීම සිය අපේක්ෂාව බව ඔවුන් පවසයි.

ජපානය මේ වනවිට අවදානම් සහගත කොවිඩ් ව්‍යාප්තියකට මුහුණුදෙමින් සිටින අතර දෛනිකව 5,000ක පමණ ආසාදිතයින් එරටින් හඳුනා ගැනේ.

ආසාදිතයින්ට සාපේක්ෂව එරට මරණ අනුපාතය කැපී පෙනන ඉහළ අගයක සටහන් වන අතර දිනකදී එරට සිදුවන කොවිඩ් මරණ ගණන 200ද ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි.

එහෙත් කොවිඩ් සඳහා එන්නතක් ලැබී ඇත්තේ ජපාන ජනගහණයෙන් සියයට එකකට පමණය.