
වැටුප් වැඩි කිරීමක් මූලික කරගනිමින් Allied Pinnacle කර්මාන්ත ශාලාවේ සේවකයින් පැය 48 ක වැඩ වර්ජනයක් ආරම්භකර තිබෙනවා.
වසර තුනක් තුළ 15% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියද ඔවුන්ට එම වසර තුන තුළ 3.5% ,3.75% සහ 4%, ක වැටුප් වැඩිවීමක් පමණක් ලැබී ඇති බවයි සේවයකින් සදහන් කලේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමෙන් පසුව ජීවන වියදම් අර්බුදයකට මුහුන දී ඇති නිසා වැඩවර්ජනය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔවුන් කියා සිටියා.

සමාගම විසින් දිනකට Mudcakes 15,000 කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කරන අතර Coles, Woolworths, Baker’s Delight මෙන්ම දේශීය Cafe සහ කුඩා ව්‍යාපාර ඇතුළු ගනුදෙනුකරුවන් 3000 කට Cakes, cookies, croissants සහ donuts නිශ්පාදනය කරනවා.
වැඩ වර්ජනය නිසා සියලු නිශ්පාදන කටයුතු නතර වී ඇති අතර සේවකයින් සමග ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටින බව සමාගම ප්‍රකාශකර සිටියා.
