Search

Richmond නිම්නයට සූර්ය බලාගාරයක්

Richmond නිම්නයේ Summerville සූර්ය බලාගාරය New south wales ප්‍රාන්ත රජය විසින් අනුමත කර තිබෙනවා.  

මෙගාවොට් 90 විදුලියක් ඉන් නිපදවාගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

Rappville හි පිහිටුවීමට නියමිත $ මිලියන 312 ක ව්‍යාපෘතියක් වන බලාගාරයෙන් නිවාස 36,000 ක් පමණ බල ගැන්වීමට ප්‍රමාණවත් ශක්තියක් ජනනය කරනු ලබනවා.

එය ප්‍රදේශය සඳහා යෝජනා කර ඇති විශාල සූර්ය බලාගාර තුනෙන් එකක් වන අතර අනෙක් දෙක තවමත් සැලසුම් අදියරේයි පවතින්නේ.

මෙම ව්‍යාපෘතිය මඟින් රැකියා 200 ක් පමණ නිර්මාණය කිරීම අපේක්ෂා කෙරෙනවා.

බලාගාරය අවට මීටර් 10ක ආරක්ෂිත සීමාවක් ස්ථාපිත කිරීම සහ ප්‍රාදේශීය රථවාහන හා පරිසරය පිළිබඳ බලපෑම් අවම කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගැනීම වැනි නීතිමය කොන්දේසි යටතේ බලාගාරය ඉදි කිරීමට නියමිතයි.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »