
ගෑස් කර්මාන්තය සඳහා තවත් ප්‍රතිපාදන වෙන් කිරීමට එරෙහිව පාසල් සිසුන් මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර කිහිපයක විරෝධතාවල නිරත වනවා.
ඒ මීට වසරකට පෙර පැවති දේශගුණ විපර්යාසවලට එරෙහි විරෝධතාවල පළමු සැමරුමට සමගාමීවයි.
දේශගුණය රැකගැනීම වෙනුවෙන් අගමැති ස්කොට් මොරිසන්ගේ රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවයි සිසුන්ගේ චෝදනාව වන්නේ.

මෙවර ෆෙඩරල් අයවැයෙන් ගෑස් කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 58 ක් වෙන් කර තිබුණා.
එමෙන්ම හි නව ගෑස් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කිරීම වෙනුවෙන් ජනතා බදු මුදල් ඩොලර් මිලියන 600 ක් වෙන් කිරීම රජයේ තවත් සැළසුමක්.

මෙම විරෝධතාවලට ලාංකික සිසුන්ද එක්ව සිටිනවා.
ශිෂ්‍ය නතාෂා අබේවික්‍රම පැවසුවේ “සෙසු ඕස්ට්‍රේලියානුවන් දස දහස් ගණනක් සමඟ මම පාසැලේ සිට විරෝධතා කරමින් සිටිමි.
“මොරිසන් අපගේ සාමූහික අනාගතය ගැන සැලකිලිමත් වන්නේ නම්, ඔහු එය සිදු කරනු ඇත.” ලෙසයි.