
ඕස්ට්‍රේලියාවේ සංසරණය වන මුදල් නෝට්ටු ප්‍රමාණය වාර්තාගත මට්ටමක පවතන බව හෙළිවී තිබෙනවා.
පසුගිය සතියේ නිකුත් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) ශේෂ පත්‍රයේ නවතම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ $ බිලියන 103.7 ක මුදල් නෝට්ටු සංසරණයේ පවතින බවයි.
ඕස්ට්‍රේලියාවේ කිසිදු දිනෙක භෞතිකව මෙතරම් මුදල් සංසරණය වී නොමැති බව pro-cash advocacy කණ්ඩායමක් වන Cash Welcome පෙන්වා දෙනවා.

සමූහයේ නිර්මාතෘ Jason Bryce පවසන්නේ මෙය ඉදිරියේදී මුදල් රහිත සමාජයක් කරා ගමන් කිරීමට ඉඩ ඇති බවට පෙන්නුම් කරන සාක්ෂියක් බවයි.
පසුගිය වසරේ RBA විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වූයේ සාමාන්‍ය ගනුදෙනු සඳහා භාවිතා කරන මුදල් ප්‍රමාණය සියයට 4 කින් පමණ පහත වැටී ඇති බවයි.

කෙසේ වෙතත් මුදල් නෝට්ටුවලින් සියයට 55 ත් 80 ත් අතර ප්‍රමාණයක් ගබඩා කර ඇති බව RBA ඇස්තමේන්තු කර තිබෙනවා.