
ජනප්‍රිය ආහාර මෙනු සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව Jetstar ගුවන් සමාගමට චෝදනා එල්ල වී තිබෙනවා.
මගීන්ගේ ඉල්ලීම වන්නේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය තවත් හොදින් සිදුකළ යුතු බවයි.
පසුගිය දිනෙක ඔස්ට්‍රේලියාවේදී Jetstar ගුවන් කාර්ය මණ්ඩලයක් මගින් අපද්‍රව්‍ය වෙන්කර දැමීමට පියවර ගන්නා ලෙස මගීන්ගෙන් ඉල්ලීම් කර තිබුණා.

මගීන් ඔවුන්ගේ beer බෝතල්, Pringles පැකට්, noodle boxes හා fork වෙන් කර දැමූ අතර, ඒවා වෙනම පොලීතින් බෑග් වල අසුරා තැබුණා.
එහෙත් මගීන් පවසන්නේ ඒ්වා ප්‍රතිචක්‍රීකරණය පිළිබද තමන්ට ගැටලු පවතින බවයි.

ගුවන් සමාගම් මෑතකදී ඔවුන්ගේ මෙනු සදහා යොදා ගන්නා අපද්‍රව්‍ය ගුවන් යානය තුළ ප්‍රතිචක්‍රීකරණය කිරීම ආරම්භ කර තිබෙනවා.
එහෙත් එය කෙසේ සිදුවන්නේ ද යන්න පිළිබද සම්පූර්ණ විනිවිදභාවයක් අවශ්‍ය බවයි මගීන් පෙන්වා දෙන්නේ.
RMIT විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ විශේෂඥ Lisa Given සඳහන් කරන්නේ තම පාරිභෝගිකයින් අපද්‍රව්‍ය පිළිබඳව නිසි ලෙස දැනුවත් කිරීම සමාගම්වල වගකීමක් බවයි.