
තදාසන්න වීදිවල බෝට්ටු සහ ට්‍රේලර් රැදවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ Randwick [රැන්ඩ්වික්] නගර සභාව $28,000ක දඩ මුදලක් නිකුත් කර තිබෙනවා.
ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි මත වාහන 400 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
suburban streetවල බෝට්ටු, ට්‍රේලර්, සහ කැරවන් නවතා තැබීම මේ වනවිට විශාල ගැටලුවක් වී තිබෙනවා.

පදිංචිකරුවන් පවසන්නේ මෙවැනි වාහන නවතා තැබීමට විශාල ඉඩක් වෙන් වන බවයි.
එහෙත් බෝට්ටුවක් හෝ ට්‍රේලරයක් අයිතිකරුගේ නිවස අසළ හෝ වෙනත් මාර්ගයක දින 28ක් තබා ගැනීමට නීතිමය අවසර හිමිවනවා.

එය දීර්ඝ කාලයක් පුරා ඒ්වා නිසි පරික්ෂාවකින් තොරව තබාගැනීමෙන් විශාල දඩ මුදලක් පණවනු ලබනවා.
Randwick නගර සභාව පවසන්නේ තමන්ට ලැබෙන පැමිණිලිවල ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් නිලධාරීන් ඉතා කාර්යබහුලව සිටින බවයි.
මේ සම්බන්ධයෙන් නගර සභා මට්ටමින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර, පදිංචිකරුවන් සහ වාහන අයිතිකරුවන් අතර ගැටුම් ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා.