
ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.
සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ” යන යෙදුම නිරන්තරයෙන් සොයන බවත් ව්‍යාජ හැඳුනුම්පත් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියේ අලෙවි කරන බවත් නීතිඥයින් පෙන්වා දෙනවා.
ව්‍යාජ හැඳුනුම්පත් විකුණන පුද්ගලයින් වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් ඉලක්ක කරගන්නා අතර හැඳුනුම්පතක් ව්‍යාජද නැද්ද යන්න හඳුනා ගන්නා ප්‍රධාන ආරක්ෂක අංගයක් වන Hologram ද ව්‍යාජ ලෙස සාදන බව අනාවරණය වී තිබෙනවා.

එවැනි හැඳුනුම්පත් විකිණීම හෝ ළඟ තබා ගන්නා පුද්ගලයින්ට ඩොලර් 2,200 ක් දක්වා දඩ සහ වසර10 ක සිර දඬුවමක් නියම කිරීමටයි තීරණය කර ඇත්තේ.
පසුගිය වසරේදී ව්‍යාජ හැඳුනුම්පත් සම්බන්ධ නඩු 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 100 දෙනෙකුට සිර දඬුවම්ද නියම කර තිබෙනවා.
