
දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම අරමුදල් මීට පෙර රජයේ සහන ලබාගත් නගර 11කට අමතරව නව නගර 13 කට ලබාදීමට නියමිතයි.
වගා බිම් උපාංග,මූල්‍ය උපදේශන සේවා හා ව්‍යාපෘති සඳහා මෙම ආධාර ලැබෙන අතර දැනටමත් දීමනාවන් ලැබී ඇති ගොවීන්ට මේ සදහා ඉල්ලුම් කල නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය Ross Spence පවසා සිටියා.

ගොවීන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සදහා දීර්ඝ කාලයක් කාලගුණය නිරීක්ෂණය කරන බවද රජය පෙන්වා දෙනවා.
මෙම මස අගදී වික්ටෝරියානු ප්‍රාන්ත අයවැයට ගොවීන්ගේ මානසික සෞඛ්‍ය නගාසිටුවීම සදහා ඩොලර් 900,000 ක් ද ඇතුළත් කිරීමට නියමිතයි.
