
Australia Post විසින් නවතම වංචාවක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.
Australia Post වෙතින් ලැබෙන වංචනික ඊමේල් මාලාවක් පිළිබඳවයි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ.
එහි ඇති අවලංගු තැපැල් කේතයක් හේතුවෙන් මෙම ඊමේල් බෙදාහැරීම අසාර්ථක වී ඇති බවද සඳහන්.

වංචාකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ කාර්යබහුල පුද්ගලයින් බව Australia Post ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී Adam Cartwright කියාසිටියා.
Australia Post හි රඳවා ගෙන ඇති පාර්සලයක් සම්බන්ධයෙන් මෙම ඊ-මේල් පණිවිඩයේ ඇතුලත් වනවා.

Australia Post ප්‍රධාන ආරක්ෂක නිළධාරීයා පවසන්නේ පාර්සලයක් අපේක්ෂා කරන්නේ නම් සැක සහිත පණිවිඩ මත ක්ලික් කිරීමෙන් වැළකීම සහ අනපේක්ෂිත පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසයි.
පාරිභෝගික දත්ත සොරකම් කිරීම සඳහා වංචාකරුවන්ට හොඳින් විශ්වාසදායක වෙළඳ නාම අනුකරණය කරන සයිබර් අපරාධ මෙවලමක් වන Darcula මගින් මෙම වංචාවන් සිදුකරනු ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
ඕස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් නව දෙනෙකුට වංචා සහගත කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් ලැබී ඇති බවද වාර්තා වනවා.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් තුනකට පමණ පාර්සල් බෙදාහැරීමේ සේවා අනුකරණය කරමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පැමිණිලි ලැබි ඇත්තේ.
Australia Post කිසි විටෙකත් මුරපදය, ක්‍රෙඩිට් කාඩ් විස්තර හෝ ගිණුම් තොරතුරු ඇතුළුව පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු ඉල්ලා ඔබට ඇමතුමක්, කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් තැපෑලක් ලබා නොදෙන බවයි Adam Cartwright අවධාරණය කර සිටියේ.