
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සති අන්තයේ වැසි හෝ සීතල කාලගුණයක තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
ක්වින්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් හි අද දින ඇතිවූ වර්ෂාව හෙට සහ ඉරිදා දක්වා පවතිනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.
හෙට උදෑසන සිට ක්වින්ස්ලන්ඩ් හි තෙත් කාලගුණික තත්වය අඩු වී ඊසාන දෙසින් සිසිල් සුළං හමාඑනු ඇතැයි ද අනාවැකි පළකරනවා.

මේ අතර ටස්මේනියාව, වික්ටෝරියාව සහ දකුණු ඔස්ට්‍රේලියාව වසරේ සීතලම සති අන්තයට මුහුණදෙන බව කාලගුණ විද්‍යාඥයින් පවසනවා.
අද සහ හෙට දිනයන්හි කඩින්කඩ සුළු වැසි තත්වයක් සහ තද සුළං වර්ධනය වනු ඇති බවයි ඔවුන් කියාසිටියේ.

වික්ටෝරියාවට සුළු හිම තත්වයක් සහ ටස්මේනියාවේ ඇතැම් ප්‍රදේශවලට දැඩි හිම පතනයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යංශය සඳහන් කළා.