Search

Forbes සඟරාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාට ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙක්

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු ඇතුළත්ව තිබෙනවා.

ඒ ‘Wild Cookbook’ YouTube අවකාශයේ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා, ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන  Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර සහ දත්ත විද්‍යාඥයෙක් මෙන්ම Synapse AI Labs හි නිර්මාතෘ වන නිකින් මාතරආරච්චි යන අයයි.

‘Wild Cookbook’නාළිකාව පසුගිය මාර්තු මස 28වනදා සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකිරීමට සමත්වුණා.

ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාළිකාවේ හිමිකරුවා බවට ඔහු පත්ව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ද ඔහුට හැකිවුණා.

චරිත්ගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක්වූයේ ඔහුගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරයයි.

මේ අතර යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් Forbes සඟරාවට ඇතුළත් වී සිටියා.

ඇය Silver Aisle නම් විවාහ උත්සව සඳහා තෑගි වෙන්කිරීමට හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් වේදිකාවේ නිර්මාතෘවරියයි.

2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වනවිට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙනවා.

නිකින් මාතරආරච්චි මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ සමාජ මාධ්‍ය, අලෙවිකරණ සහ සන්නාම ප්‍රවර්ධනය යන  කාණ්ඩයෙන්.

වෙළෙඳනාම සහ ව්‍යාපාර සඳහා AI tools නිර්මාණය කරන කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන  Synapse AI Labs ආයතනයේ  නිර්මාතෘවරයා වන්නේ නිකින් මාතරආරච්චියි.

AI සහ අලෙවිකරණ තාක්ෂණයේ නැගීඑන බලවේගයක් ලෙස ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකරදීමට නිකින්ගේ දැනුම උපකාරී වී තිබෙනවා.

නිකින් මේ වනවිට මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කෘතිම බුද්ධිය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් සිටිනවා.

2025 සඳහා ෆෝබ්ස් වාර්ෂික ලැයිස්තුව ආසියා-පැසිෆික් කලාපයේ විවිධ අංශවල වයස අවුරුදු 30 න් පහළ කැපී පෙනෙන පුද්ගලයින් 300 දෙනෙකුට ගෞරවය පුදකරයි.

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »