
ඔස්ට්‍රේලියාවේ ශක්තිමත් රැකියා වර්ධනයක් සිදුව ඇතැයි නවතම දත්ත වාර්තාවල දැක්වෙනවා.
පුද්ගලයින් 89,000 ක් පමණ නව රැකියා වෙත ගොස් ඇති බවයි එම දත්තවල දැක්වෙන්නේ..
එහෙත් පසුගිය මාසයේ විරැකියා අනුපාතය සියයට 4.1 ක මට්ටමක පැවති අතර එය මේ වනවිටත් ස්ථාවර මට්ටමක පවතින බව දත්ත වාර්තාවල සඳහන්.

කාන්තාවන් සඳහා රැකියා නියුක්තියේ වැඩිවීම 65,000 ක් වන අතර පිරිමි රැකියා නියුක්තිය 24,000 කින් ඉහළගොස් තිබෙනවා.
ABS දත්ත වලට අනුව, වසරේ රැකියා නියුක්තිය 390,000 කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.
