Search

දෙමාපිය පරම්පරාවට වඩා තරුණයන් කලින් මිය යන බවට සාක්ෂි මෙන්න!

ඔස්ට්‍රේලියාවේ මෙන්ම ගෝලීය වශයෙන් මරණවලට ප්‍රධාන හේතුව ලෙස හෘදයාබාධ සැලකෙනවා.

මේ වනවිට එක්සත් ජනපදයේ තරුණ තරුණියන් තම දෙමාපියන්ගේ පරම්පරාවට වඩා කලින් මිය යන බවට සාක්ෂි වැඩිවෙමින් පවතිනවා.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ තරුණ ඔස්ට්‍රේලියානුවන් ද එම දිශාවට ම ගමන් කරමින් සිටින බවයි.

හෘද රෝගය ජාතියේ මරණයට ප්‍රධානතම හේතුව වන අතර සෑම මිනිත්තු නවයකට වරක් පුද්ගලයෙකු හෘදයාබාධයකට ගොදුරු වී සිටිනවා.

තාක්ෂණය මත රැඳීසිටීම සහ ක්ෂණික ආහාර පුරුදු හේතුවෙන් දෙමාපියන්ට සාපේක්ෂව දරුවන් ඉක්මනින් මරණයට පත්වීමට හේතුවී ඇති බව අධ්‍යනයේ සඳහන්.

මේ අතර ජාත්‍යන්තර අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ තරබාරුව, රුධිරයේ සීනි මට්ටම ඉහළයාම වැනි හේතූන්ද හෘද රෝග ඉහළ යාමට හේතුවී ඇති බවයි.

වයස අවුරුදු 25 – 34 ත් අතර පසුවන තරුණ වැඩිහිටියන්ගෙන් සියයට 80 ක් පමණ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා යොමු නොවන බව නවතම ඔස්ට්‍රේලියානු සමීක්ෂණයක දැක්වෙනවා.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදෙන්නේ වයස අවුරුදු 20 ත් 30 අතර තරුණයින්ගේ විවිධ පුරුදු අනාගතයේදී හෘද සෞඛ්‍යයට බලපානු ඇති බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »