
වසරේ පළමු කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය සියයට 3.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය පවසන්නේ පසුගිය මාර්තු කාර්තුවේදී වැටුප සියයට 0.9 කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය දෙසැම්බර් කාර්තුවේදී එය සියයට 0.7 කින් ඉහළගොස් තිබූ බවයි.
දෙසැම්බර් කාර්තුව වනවිට වාර්ෂික වැටුප් වර්ධන වේගය සියයට 3.2 සිට මාර්තු කාර්තුවේදී සියයට 3.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසරේ පළමු කාර්තුවේ පෞද්ගලික අංශයේ වැටුප් වර්ධනයට හේතු වී ඇත්තේ ව්‍යවසායකයා සහ සේවකයා අතර යාවත්කාලීන කෙරුණු රැකියා ගිවිසුම් බවයි දත්ත වාර්තාවල දැක්වෙන්නේ.
සේවකයින් සඳහා ඩොලර් බිලියන 3.6 ක වැටුප් වැඩිවීමක් පසුගියදා ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත්කෙරුණා.

රාජ්‍ය අංශයේ වැටුප් වර්ධනයට නව රාජ්‍ය මුල්කර ගෙන ඇතිවූ ව්‍යවසාය සහ වයස්ගත සත්කාර සේවකයින් සදහා වැටුප් වැඩිකිරීම බලපෑ බවයි විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.