Search

ඔස්ට්‍රේලියාවේ rocket යානය අභ්‍යවකාශගත කිරීම ප්‍රමාද වෙයි

අද උදෑසන අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබූ rocket යානය ප්‍රමාද කර ඇති බව Gilmour Space සමාගම පවසා තිබෙනවා

rocket යානය අභ්‍යවකාශ ගත කිරීමට පෙර සිදුකල පරීක්ෂාවකදී ground support system සම්බන්ධ ගැටලුවක් හඳුනාගෙන ඇති බවත් ඒ සම්බන්දයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට ඇති නිසා මෙම ප්‍රමාදවීම සිදුකල බව සමාගම නිවේදනය කරනවා.

මෙය සාර්ථක වුවහොත්, ඔස්ට්‍රේලියාවේ දේශීයව නිෂ්පාදනය කරන ලද පළමු රොකට්ටුව කක්ෂ ගත කිරීම සනිටුහන් කරනු ඇති.

ඒ අනූව complex engineering feat අත්කර ගත් ලොව 12 වන රට බවටද ඔස්ට්‍රේලියාව පත් වනවා.

Gilmour Space ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ ඇඩම් ගිල්මෝර් පවසන්නේ එය ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමක් වනු ඇති බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »