Search

Greens පක්ෂයේ නව නායකයා ලෙස Larissa Waters පත්වෙයි

මෙල්බන් නගරයේදී පැවැත්වුනු පක්ෂ රැස්වීමකදී Larissa Waters Greens පක්ෂයේ පස්වන නායකයා ලෙස තේරී පත්ව තිබෙනවා.

පක්ෂ නායකත්වය සදහා ඇය සමග තරග වැදුනු Mehreen Faruqi නියෝජ්‍ය මන්ත්‍රීවරිය ලෙසත් Sarah Hanson-Young ව්‍යාපාර කළමනාකරු ලෙසත් පත්කර ඇති බවයි සදහන් වෙන්නේ.

Larissa Waters 2010 වසරේදී පළමු වරට සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත්වූ අතර Sarah Hanson-Young ට පසුව පක්ශයේ වැඩිම කාලයක් සේවය කර ඇත්තේද ඇයයි.

ඇය  කාන්තා, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශගුණය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ප්‍රකාශිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ජයග්‍රහනයෙන් පසු ඇය කියා සිටියේ ජනතාව විශාල ලෙස පීඩා විදින මෙම කාලයේ නිවැරදි තීරණ ගැනීම මගින් ජනතාවට සහන සලසන බවයි.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »