
Equality Australia ආයතනය විසින් ඔස්ට්‍රේලියාවේ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික වැනි ස්ත්‍රී පුරුෂ අනන්‍යතා ඇති විවිධ ප්‍රජාවන්ට ඇමෙරිකාවට සංචාරය කිරීම ගැන නැවත සලකා බැලිය යුතු බව නිවේදනය කර තිබෙනවා.
ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයේ ඇති ස්ත්‍රී පුරුෂ භාවය උපතේදී ලබා දී ඇති ස්ත්‍රී පුරුෂ භාවයට නොගැලපේ නම් මෙම අවදානම වැඩි වේ යැයි නීති අධ්‍යක්ෂ Heather Corkhill පවසා සිටියා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකාවට පැමිණීමෙන් පසුව එරට තුළ සංචාරය කිරීමද දැන් වැඩි අවදානමක් සහිතය බවයි.

ඩොනල් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු දැඩි දේශසීමා පාලනය ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර ඇමරිකාවට පැමිණෙන සංචාරකයින්ට ලබාදෙන උපදෙස් තුන් ගුණයකින් වැඩි කර තිබෙනවා.
මෙම වසර තුළ ඇමරිකාව සතිපතාම anti-LGBTQ නීති සම්මත කරමින් LGBTQ පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ
