
ඇමරිකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක පත්කර තිබෙනවා.
2016 සිට 2019 දක්වා ඇමරිකා ක්‍රිකට් කණ්ඩායම් නායක ලෙස කටයුතු කල ඔහු ඇමරිකා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක්ද වනවා.
හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔහු 1990 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර ඇති අතර කැනඩාවට සංක්‍රමණය වීමෙන් පසු සාර්ථක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

පසුගිය වසර දහයකදී ඔහු කැනඩාව, නේපාලය සහ ඇමරිකාව සඳහා පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර, කැනඩාව 2011 ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබන්නටත් නේපාලය 2014 ICC T20 ලෝක කුසලානයට පළමු වරට සුදුසුකම් ලබන්නටත් ඔහු දායක වී තිබෙනවා.
ඇමරිකා ක්‍රිකට් කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ Johnathan Atkeison ප්‍රකාශකර සිටියේ 2026 T20 ලෝක කුසලානය සහ 2027 ODI ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පුබුදු දසනායකගේ පළපුරුද්ද සහ නායක්තවයෙ උපකාරී වන බවයි.
