Search

සංචාරයකින් පසු නැවත පැමිණි ඔස්ට්‍රේලියානු පවුලකට $ 45,000ක දේපළ අහිමි වෙයි

විදේශ සංචාරයකින් අනතුරුව වික්ටෝරියාවේ තරුණ පවුලක් ආපසු පැමිණි විට ඔවුන්ගේ කුලී නිවාසය කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබූ පුවතක් වාර්තා වෙනවා.

නිවෙස් හිමිකරු වූ Sanjay Kuikel තම බිරිද සහ දරුවන් දෙදෙනා සමග දින 28 ක සංචාරයක් සදහා නේපාලයට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා ඔවුන්ගේ නිවසට ඇතුලු වී තිබෙනවා.

එම අවස්ථාවේ නිවෙස් හිමිකරු පොලීසියට කල පැමිණිල්ලකට අනුව අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අනාවරණය වූයේ දිනකට පුද්ගලයින් 17 – 20 ත් අතර ප්‍රමාණයක් නිවසට ඇතුල් වී ඇති බවයි.

නිවෙස් හිමිකරුගේ රන් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ සහ ඇදුම් අතුරුදහන් වී ඇති අතර, ඒවායේ මුළු වටිනාකම $45,000 ක් පමණ වන බවයි ඔවුන් කියා සිටියේ.

මෙම සිදුවීම නිසා පවුලේ සමාජිකයන්ගේ මානසික තත්වය බිදී වැටී ඇති අතර නිවස විනාශ වී ඇති ආකාරය හා නිවස පුරා ඇති මත්පැන් බෝතල් , දුම්වැටි දැකීම නිසා සිය දරුවන් බියෙන් පසුවන බව නිවෙස් හිමිකරු ප්‍රකාශ කරනවා.

නැවතත් ආරක්ෂාකාරී ලෙස ජීවත් වීමට සහ අත්‍යාවශ්‍ය දේවල් මිලදී ගැනීමට උපකාරී වන ලෙස ඉල්ලා ඔවුන් GoFundMe පිටුවක්ද ආරම්භ කර තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »