Search

Smart Watch භාවිතයේදී සැලකිලිමත් වන්න

Smartwatch Band (ස්මාර්ට් වොච් පටිය) තුල තිබෙන විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් මිනිස් ශරීරයට ඇතුලු විය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මෙම පටි  fluoroelastomers  (කෘතිම රබර් වර්ගයක්) වලින් සාදන ලද අතර එය තුල ඉහළ මට්ටමේ perfluorohexanoic acid  අඩංගු වනවා.

PFAS (රසායනික පවුලේ සාමාජිකයෙක්)  වන අතර ඒවා “සදාකාලික රසායනික ද්‍රව්‍ය” ලෙසද හැඳින්වෙනවා.

ඒවා පරිසරයේ සහ මිනිස් සිරුරට ඇදගන්නා අතර පසුව සිරුර තුළදී  ඒවා විනාශවීමක් සිදුනොවන බවයි පර්යේශකයින් පෙන්වා දෙන්නේ.

ඒ තුලින් පිළිකා, වඳභාවය සහ අධි රුධිර පීඩනය ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටළු හටගත හැකි බවද අනාවරණ කර තිබෙනවා.

දහඩිය, තාපය සහ රුධිර ප්‍රවාහය වැඩි වීම මගින් සමට මෙම පටියේ තිබෙන ද්‍රව්‍ය අවශෝෂණය වැඩි කළ හැකි අතර, කාලයත් සමඟ සෞඛ්‍ය අවදානම් වැඩි කළ හැකි වන බවයි සමීක්ෂණ වාර්තාවේ සදහන් වන්නේ.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම අවදානම අඩු කිරීම සඳහා, සිලිකන්, රෙදි හෝ සම් වැනි විකල්ප ද්‍රව්‍ය වලින් සාදන ලද  Wristbands තෝරා ගන්නා ලෙස නිර්දේශ කරන බවයි.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »