
ලොව පුරා ඖෂධ සමාගම් ට්‍රම්ප් තීරු බද්දකට සූදානම් වෙමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසනවා.
ඔස්ට්‍රේලියාව සෑම වසරකම ඩොලර් බිලියන 2.5 ක් වටිනා ඖෂධ සහ සෞඛ්‍ය සේවා නිෂ්පාදන එක්සත් ජනපදයට අපනයනය කරනු ලබනවා.
ලොවපුරා සිදුකරන අපනයනයෙන් එය සියයට 40 ක් පමණ වනු ඇති.

නමුත් දේශීය නිෂ්පාදකයින් පවසන්නේ එක්සත් ජනපදයේ නව වෙළඳ සීමාවන්ගෙන් මධ්‍යස්ථ තීරු බද්දක් අපේක්ෂා කරන බවයි.
ඉදිරියේදී එක්සත් ජනපද නිෂ්පාදන සමග තරගකිරීමට සිදුවුවහොත් සිය ඉල්ලුම පහත වැටෙනු ඇති බව මෙරට ඖෂධ නිෂ්පාදකයින් පවසනවා.

නමුත් ඕස්ට්‍රේලියානු පේටන්ට් බලපත්‍රලාභී ඖෂධ ඇමරිකාවේ නොතිබුනහොත් ඇමරිකා පාරිභෝගිකයින්ට ඉහළ පිරිවැයක් ගෙවීමට සිදුවනු ඇති.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ ඖෂධ මිලෙහි වෙනසක් සිදුනොවුන බවයි නිෂ්පාදකයින් අවධාරණය කරන්නේ.