
Climate change හේතුවෙන් සහ තණකොළ හානිවලින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස මධ්‍යම සිඩ්නි ප්‍රදේශයේ පොදු උද්‍යානවල විශාල උත්සව සඳහා පනවා තිබූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබෙනවා.
සිඩ්නි නගර මන්ත්‍රීවරු සංගීත උත්සව, ආහාර වෙළඳපොළවල් සහ අනෙකුත් ප්‍රධාන උත්සව අනුමත කිරීම වැළැක්වීමට ඡන්දයද ලබා දී තිබූ අතර, 2022 දී හඳුන්වා දුන් තහනමක් නැවත තහවුරු කර තිබෙනවා.
මෙම පියවර උත්සව සංවිධායකයින් සහ ව්‍යාපාරික නායකයින් විසින් විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ.

නිතර සිදුවන තෙත් කාලගුණය හේතුවෙන් සිඩ්නි උද්‍යානවල විශාල කොටස් වලට සැලකිය යුතු හානියක් සිදුවන බවයි නිව් සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් සදහන් කළේ.
අපිට සිඩ්නි නගරයට නැවත ජීවය ගෙන ඒමට අවශ්‍ය බවත් නගරය ආරක්ෂා කරගත යුතු බවත් ක්‍රිස් මින්ස් පෙන්වා දෙනවා.

ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ live music සහ cultural events සඳහා මංතීරු සහ හිස් ගොඩනැගිලි බිම් භාවිතා කිරීමේ අවස්තා සම්බන්දයෙන් සොයා බලන ලෙසයි.